පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා


(මොහොමඩ් ආසික්)

මහනුවර නගරයේ ජනප්‍රිය  පාසැලකට  2020 වසරේදී සිසුවකු ඇතුළත් කර දෙන බව   පවසමින් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන එම මුදල වංචා කළ බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (26) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් කුළුගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඔහු ගේ දරුවා මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලකට ඇතුලත් කර දෙන බව පවසමින් 2020 වසරේදී මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගෙන ඇත.

එලෙස ලබා ගත් මුදල වංචා කර ඇති බවත් පවසමින් පසුගිය පෙබරවාරි මාසයේදි කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි සැකකරු  අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයින්ගෙන් මෙලෙස මුදල්  වංචා කර ඇත්දැයි පරීක්ෂා කරගෙන යන බවත් සැකකරු අද 26 වනදා දිනයේම  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි‍