පාලකයන්ගේ පව් පොඩි මිනිහාගේ ඇඟ උඩ තියන්නේ ඇයි?


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා යැයි ද ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇතැයි ද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාලකයන්ගේ වැරදි වලට ජනතාවට වග කියන්න නොහැකි බව කී විජිත හේරත් මහතා දුප්පත් ජනතාව දුක් විඳිද්දී වැරදි තීන්දු ගත්  පාලකයන් නිදැල්ලේ සිටින  බව කීය. 

වැරදි ප්‍රතිපත්ති හා දේශපාලනඥයන්ගේ විවිධ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ලෙස විදුලිය පමණක් නොව ගෑස් ,ඉන්ධන ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව කීය.