පාර්ලිමේන්තුවේ රත්තරං හොරු දෙන්නයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"දිගින් දිගටම අපි ඇහුවේ එක රත්තරන් හොරෙක් ඉන්නවා කියලා. රත්තරං හොරු දෙන්නෙක් ඉන්නවා කියා දැන් අසන්නට ලැබී තිබෙන බව" සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ බාර් අයිති කාරයෝ, කුඩු මුදලාලිලා,ගල් වැලි ජාවාරම් කාරයෝ,කොමිස් කාක්කෝ  ඉන්නවා කියා  225ම එලවන්න ඕන යැයි ජන මතයක් තියෙන බව කී වික්‍රමරත්න මහතා එවැනි පාර්ලිමේන්තුවක් ස්වාධීන කොමිෂන් සභාවක සභාපති කෙනෙක් නෙරපා දමන වෑයමක ඉන්නා බව සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.