පාර්ලිමේන්තුවට තරුණ සංසදයක්: සභාපති එරංග


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තේරී පත්වෙයි.

“තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයක්” දස වැනි පාර්ලිමේන්තුව සදහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදී එසේ පත් කෙරිණ.

තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, අර්කම් ඉල්යාස්, ලසිත් භාෂණ ගමගේ, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ, අම්බිකා සාමිවෙල් යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.

සංසදයේ මෙහෙයුම් කමිටුව සඳහා පත් වූයේ  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඔෂානි උමංගා, කන්දසාමි ප්‍රභු, ජගත් මනුවර්ණ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු වෙති