පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තබයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

“එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් සභාව විනාඩි දහයකට කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූයේ එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් විභාගයට ගැනෙන බැවින් විවාදය නීති විරෝධී බවයි.

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගැනීමට සභාව විනාඩි 10 කට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.