(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ( 26) මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරේ.
මේ අනුව පාර්ලිමේන්තුව නැවතත් ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන්නේ ලබන මස 7 වැනිදාය.
පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද නිකුත් කරනු ලැබීය.

