
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරගලය පැවති සමයේ පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ ආරක්ෂක රාජකාරි සඳහා යොදාගත් මාර්ග බාධක තොගයක් වරින් වරින්වර සොරාගෙන ගොස් ඇති බව යුද හමුදා ඉංජිනේරු බළකායේ කපිතාන්වරයකු පැමිණිල්ලක් කළ බව වැලිකඩ පොලීසිය පවසයි.
ඒවායේ වටිනාකම රුපියල් 1,191,856 බව ද පොලිසිය පවසයි.
2002 වසරේ මැයි මාසයේ සිට මෙම මස 5 වැනි දා දක්වා කාලය ඇතුළත මේවා සොරාගෙන ගොස් ඇති බව කපිතාන් ඩබ්ලිව්. ඩී. පී.මෙන්ඩිස් මහතා පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අඩි 19ක් දිග ජී. අයි බට 62, ජී අයි ක්ලච් 271 ,ජැක් 9 සහ පලංචි 13 මෙසේ සොරාගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.
වැලිකඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

