
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු අවට ප්‍රදේශයේ සන්සුන් වාතාවරණයක් පවතින අතර ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙනු දැකගත හැකිවිය. පාර්ලිමේන්තුවේ පුටු වෙනස්වීම් ඇතුළු පෙරළි කිහිපයක් අද දිනයේ සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
විමල් වීරවංශ උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද දිනයේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස අසුන් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට රැස්වේ.
රටේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අද දින ප්‍රශ්න කිරීම් සහ විවිධ විරෝධතා දැක්වීමටද නියමිතය.රටේ පවතින වාතාවරණය මත පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමට කතානායකවරයා තීරණය කර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




