(වියලුව වාර්තාකරු)
තම ගම්බිම්වලට යන මාර්ගය අබලන් මාර්ගය පිලිසකර කර දෙන්නැයි ඉල්ලා වියලුවේ ගම් රැසක 100කට අධික පිරිසක් බදුල්ල - මහියංගන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති.
වියලුව, එගොඩවෙල බටුයාය, 6 කණුව වත්තේකැලේ ආදී ගම්මාන රැසක පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
බදුල්ල මහියංගන මාර්ගයේ හයේ කණුව එගොඩවෙල හන්දියෙන් ගමන් ආරම්භ කරන වත්තේකැලේ ගම්මානය දක්වා වූ මාර්ගය අබලන්ව වසර ගණනාවක් ගතව ඇතත් තවමත් එය පිළිසකර නොකිරීමට විරෝධය දක්වමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.