පාතහේවාහැට පාරිසරික පද්ධතියක් විනාශ කළ පුද්ගලයකු අත්අඩංගුවට


එම්.දසනායක 

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරවනාගොඩ ග්‍රාම සේවා වසමේ පිහිටා තිබූ වටිනා පාරිසරික පද්ධතියක් ගිනි තබා විනාශ කල පුද්ගලයෙකු අද(14) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය පවසයි.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධීය ශාක වර්ග වගා කර තිබූ භූමිය හා වන සතුන් ආරක්ෂා කිරීමේ අරමුණින් සංරක්ෂණ කරන ලද තමන් පදිංචි  භූමියට අනවසරයෙන් ඇතුළු වී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට භූමියේ හිමිකරුවන් විසින් තලාතුඔය පොලීසියට පැමිණිලි කර ඇත.

පැය පහකට ආසන්න කාලයක් පුරා පැතිර ගිය ගින්න හේතුවෙන් ලංකාවට ආවේණික පක්ෂී වාසස්ථාන ගණනාවක් මුළුමනින්ම විනාශයට පත්ව ඇත.