රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය.
මුදලින් රුපියල් 25,000 ක් ද, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රණවක මහතා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වර්ෂයේ දී සිදුකළැයි කියන රිය අනතුරක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පසුගිය සතියේ දී හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර













