පාඨලීගේ රියැදුරුගෙන් රහස් ප්‍රකාශයක්


(නිමන්ති රණසිංහ)
 
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු තුසිත දිලුම් කුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු නිල මැදිරියේදී අද(29) රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.
 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ පැයක පමණ වේලාවක් ඔහු මෙම ප්‍රකාශය ලබා දී තිබේ.