
( නිශාන්ත කුමාර)
ගංජා අලෙවියේ නිරතව සිටි බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අලෙවි කිරීම සඳහා සකස් කරන ලද වියළි ගංජා සමඟ ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ දී අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලඋඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාපත්ගමුව විදුලි වැටේ ආරක්ෂකයේ සහායකයකු සහ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු බව කියයි.
සැකකරු ගංජා අලෙවියේ නිරත වන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ගල උඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

