(අංජුල මහික වීරරත්න)
ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ ආපදා සහන වියදම් සීමාව රුපියල් මිලියන 50 දක්වා ඉහල නංවමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇත.
ආපදාවට පත් වී ඇති ජනතාවට සහන සැලසීමට තව දුරටත් දැරිය යුතු වියදම් වේ නම්, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඒ පිළිබඳ අවශ්‍ය බැඳීම් ඇති කර ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ගැලපීම් සිදු කර දීම සඳහා නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයේ, ආපදා කළමනාකරණ අංශය මගින් තමා වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසත්
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

