(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තරයේ හැසිරීම් කල්වෙලා ඇතිව අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් මේ මොහොතේ රටට අවශ්‍යව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඇමෙරිකා බද්ධ සියයට 44 සිට සියයට තිහ දක්වා අඩු වූයේ යැයි දැන් බොහෝ අය කතා කරන බව කී අබේවර්ධන මහතා එවැනි කතා ගැන ලැජ්ජා විය යුතු බව කීය.
මෙවැනි ගෝලීය දේශපාලන හැසිරීම් ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කල් තියාම දැක තිබුණු බව කී එජාප සභාපතිවරයා නමුත් ඒ ගමන කඩාකප්පල් කර දැමූ බව කීය. රනිල්ගේ ගමන ගැන ජනතාවට තේරුම් ගන්නට නොහැකි වූ බව කී එජාප සභාපතිවරයා ප්‍රශ්න විසඳන්න හැකි රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත් ඉවත්කොට ජනතාව අද දුක් විඳින බව කීය.
එජාප සභාපතිවරයා මේ බව කීවේ යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී දේව රක්ඛිත විහාරස්ථානයේ ඇසළ කලාපය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.