(යොහාන් භාසුර)
මාවනැල්ල, හෙන්මාතගම ප්‍රදේශයේ ආයතනක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියාපදිංචි සහතිකය කල්ඉකුත්ව තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් තිබියදී ජල බෝතල් විශාල තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පැවසීය.
මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සදහා සූදානම් කර තිබූ මිලි ලීටර් 500 ජල බෝතල් 1904 ක්, ලීටරයේ ජල බෝතල් 484 ක්, ලීටර් එකහමාරේ ජල බෝතල් 576ක් සහ ලීටර් 19 ජලබෝතල් 34 ක් භාරයට ගත් බවත් පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන අතර අදාල ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.