ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


( නිමල කොඩිතුවක්කු) 

දුම්රියක්, මීරිගම දුම්රිය ස්ථානය අසළදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්  ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාදවූ බව මගීහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමන්‍යධීකාරී  ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අංක 526 දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් මේ වන විට එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.