( මහින්ද නිශ්ශංක )
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය තව දුරටත් ප්‍රමාද විය හැකි බව දූම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක් ඊයේ (23) පස්වරු 5.20 ට පමණ පීලි පැනීම සිදු වූ බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දුම්රිය අද(24) පෙරවරු 5 .20 ට පමණ පීලිගත කළ බවත් එහෙත් හානිවූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොමැති හේතුවෙන් දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද විය හැකි බවත් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.