ප්‍රධාන මාර්ගය දුම්රිය තවදුරටත් ප්‍රමාදයි


(යොහාන් භාසුර)

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’  දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (19) පෙරවරුවේ පැවසීය.

පිළිපැනීමට ලක්වූ දුම්රිය දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ බවත් පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය.

ඒ හේතුවෙන් දුම්රිය මාර්ගය සකස් කර යථා තත්ත්වයට පත් කරන තෙක් දුම්රිය ප්‍රමාදය පවතින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.