ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට


(ඉන්දිකා රාමනායක)

සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු   රතිදු සේනානායක හෙවත් (රැට්ටා)  නැමැත්තා  ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ   කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.

අරගල මෙහෙයවීම සම්බන්ධයෙන්  සිදුකරන  විමර්ශනයකට  අදාල   ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව   රැට්ටා  පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.

මෙම ප්‍රශ්න කිරීම රාත්‍රිය දක්වාම සිදුවෙමින් පැවතියේය.