(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක එම නිවසෙහි දේපොළ සොරා ගත් බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස්ට රැගෙන ආ අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංච ආර්.සෙල්වරාසා කුමාරි 45 නමැති තැනැත්තියකි.
මෙම කාන්තාව සේවය කළ නිවසේ අයිතිකාරිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
එම පැමිණිල්ල මත සේවිකාව පොලිසියට කැඳවා ගෙන එනු ලැබූ අවස්ථාවේ හුස්ම ගැනීමට අපහසු බව කීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ගෘහ සේවිකාව මියගිය බව පොලිසිය කීය.
පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

