(සුජිත් හේවාජුලිගේ)
ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනිදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
එරට නාවික හමුදාව කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ අවසරය ලබා දුන් බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි
ප්‍රංශ නාවිකයන් පිරිස ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන බවත් එම නාවිකයන්ගේ මෙම සංචාරය සංචාරක අමාත්‍යාංශය සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා මූලස්ථානය පවසන්නේ ප්‍රංශ නාවික නිලධාරීන් පිරිසක් මෙරට සංචාරය කළද එම ප්‍රංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නාවික නිලධාරින් අතර කිසිදු පුහුණු සැසියක් මේරටදී නොපැවැත්වෙන බවයි .
මේ අතර මෙවැනි විදේශීය සංචාරක කණ්ඩායම් මෙරට සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන පිරිස් කොවිඩ්වලින් තොර බවට සංචාරක මණ්ඩලය සහතිකයක් දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

