
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වන්නේ එළඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසුව බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියාවසම් මහතා ඊයේ ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් සමඟ ඊයේ (15 වැනිදා) සිරිකොතේදී පැවැති රැස්වීමේදී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කළේ යැයි අකිල විරාජ් කාරියවසම් මහතා ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පතට පැවසීය.
පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නව යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පැවසී යයි අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

