( තිලකරත්න දිසානායක)
පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය බවට වු යෝජනාව ගම්පහ මහ නගර සභාවේදී වැඩි ඡන්ද 21 කින් අද (17) පැවති මාසික රැස්වීමේදී සම්මත කෙරිණි.
පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බවත් ගෙවීගිය කාලය තුළ පළාත් සභා නොමැතිව හොදින් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් පාර්ලිමේන්තුව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා කටයුතු කිරීමට හැකි නිසා වියත්මග සංවිධානත්වයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින සරත් වීරසේකර මන්ත්‍රීවරයා අදහස් කරන පරිදි පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බවට නාගරික මන්ත්‍රී ( එක්සත් ජාතික පක්ෂය) කපිල එදිරිසිංහ මහතා කළ යෝජනාවට අනුව කළ ඡන්ද විමසීමේදී එම යෝජනාව මෙලෙස වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් කළ විවෘත ඡන්ද විමසීමේදී පළාත් සභා තව දුරටත් අවශ්‍ය නොවන බවට ඡන්ද 6 ක් වශයෙන්ද පළාත් සභා තව දුරටත් අවශ්‍ය බවට ඡන්ද 21 ක්ද වශයෙන් හිමි විය.