
මඩකළපුව ප්‍රදේශය ආශ්‍රිතව පැවැති දිට්වා සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝ මිටර් 50ක් දකුණු දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටියි.
මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
උතුරු, උතුරු - මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකළපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හමන සුළං 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැයට කිලෝ මිටර් 80-90 දක්වා වන ප්‍රහාරත්මක සුළං ඇති වේ.

