
(අංජුල මහික වීරරත්න)
පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම බලතල ක්‍රියාත්මක කළාට මධ්‍යම රජය මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා කීය.
එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවකදීය.
සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීයවේදීන් මීට එක්ව සිටී අතර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ මතුකළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.

