(යොහාන් භාසුර)
තොරතුරු තාක්‍ෂණය දියුණු වර්තමාන ලෝකයේ පළාත් පාලන ආයතනවලින් සපයන මහජන සේවා ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඉටු කරගැනීමේ අරමුණින් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සමස්ත ශ්‍රී ලංකාව ආවරණය කරන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 න් ජනතාව විවිධාකාරයේ සේවා ලබාගන්නා බව කී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන නව තාක්ෂණය සමග මුසුව ඩිජිටල්කරණයවීම ඔස්සේ ජනතාවට කාර්යක්ෂම සහ වේගවත් සේවයක් සැපයීමේ අවස්ථාව උදාවන බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම තුළින් ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් සළසාගැනීම, ක්‍රීඩාංගණ හා ශාලා පහසුකම් වෙන්කරගැනීම ඇතුළු පළාත් පාලන ආයතනවලින් සපයන ප්‍රධාන සේවා 15 ක් සහ සෙසු සේවා 60 කට අධික සංඛ්‍යාවක් නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාවක් ජනතාවට ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

