(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරොනා රෝගය වැළදී දැනට සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණ සිටින සංචාරක මග පෙන්වන්නෙකු වන ජයන්ත රණසිංහ මහතා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අද (26) කළුබෝවිල ශික්ෂණ රෝහලට කැඳවාගෙන ගිය බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
ජයන්ත රණසිංහ මහතා රෝගය වැළඳී ප්‍රතිකාර ලබන කාලය තුළදී ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයකින් පසු වීම නිසා ඔහුගේ රුධිර සෛල කොරොනා රෝගය වැළදී දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනාට ලබාදීමට සුදුසු දැයි පරීක්ෂා කිරීම සඳහා ඒ මහතාගේ රුධිරය ලබාගැනීමට කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවද වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රණසිංහ මහතාගෙන්
විමසා තිබූ අතර ඒ පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබීම හේතුවෙන් ගිලන් රථයක් රෝගියාගේ නිවසට යවා ඔහුව රෝහලට රැගෙන ගිය බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය. කළුබෝවිල ශික්ෂණ රෝහලට ගොස් පැය දෙකහමාරකට පමණ පසුව නැවත නිවසට පැමිණි බව ජයන්ත රණසිංහ මහතා පැවසීය.
ගිලන් රථය නිවසට පැමිණ අවස්ථාවේදී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතාද එම ස්ථානයට පැමිණ සිටියේය.

