
(රංජන් කස්තුරි)
ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන ආරම්භ කරමින් පළමු මාත්‍රාව කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එච්.ඒම්.වී.එල්. හේරත් මහත්මියට ප්‍රථම එන්නත ලබා දුන්නේය.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී ගැබිණි මාතාවන්ට අද සයිනෝෆාම් එන්නත් දීම සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්ගේ පිරිසකගේ සහභාගීත්වයෙන් එම එන්නත්කරණ වැඩසටහන කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කෙරිණි.
සංකූලතා සහිත ගැබිණි මාතාවන්ට ප්‍රථමයෙන් සයිනොෆාම් එන්නත් ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කීවාය.
ඉදිරියේදී රටපුරාම තෝරාගත් ගර්භනී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව දවෛද්‍යවරයි කීයන්නීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)









ගර්භණී මවුවරුන් සඳහා ලබාදීම අද දින පිළියන්දල සෞඛ්‍ය වෛද්‍යමධ්‍යස්ථානය දී සිදුකෙරුණු අයුරු






(ඡායාරූප: ළහිරු හර්ෂණ)





