(නිමල කොඩිතුවක්කු)
අරගලය අතරතුර මැයි 09 වෙනිදා රටේ සිදුවූ සිදුවීමට වසරක් ගත වුවත් ගිනි තබා විනාශ කළ බස් රථ වෙනුවෙන් කිසිදු වන්දි ප්‍රදානයක් මේ දක්වා සිදුකර නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම සිදුවීමෙන් බස්රථ 32ක් සම්පූර්ණයෙන් විනාශ වී බස්රථ පනහකට අධික සංඛ්‍යාවක් අර්ධ හානි සිදු වූ බවත් විජේරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් බස් රථ හිමියන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දුන් බවත් බස් රථ සේවකයන්ට මේ දක්වා රැකියාව අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
විපතට පත් දේශපාලනඥයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළක් රජය මගින් සකස් කළ ද විනාශ වූ බස් රථ වෙනුවෙන් එවැනි කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් විජේරත්න මහතා තවදුරටත් කීවේය.

