(අංජුල මහික වීරරත්න)
පසුගිය කාලේ මොරටුවේ දියුණුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිලාගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් නම් දියුණු වී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම් දී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට අද ( 02) සහභාගී වෙමිනි.
ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර අභිනව නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දීම ද මෙහිදී සිදු විය.