පස්සර නායයාමක් : 28 ක් ඉවතට


(පාලිත ආරියවංශ)

පස්සර නිකේබැද්ද ආගරතැන්න  ඉහළ කොටසේ පිහිටි කෑරගල කන්ද ආශ්‍රිතව  පස් කන්දක්  සමඟ ගලක් පෙරලී  නිවසකට බරපතල හානි සිදුව ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙම නිවසේ එම අවස්ථාව වනවිට 7 දෙනෙකු සිට ඇති අතර ළමුන් තිදෙනෙක් තුවාල ලබා බදුල්ල සහ පස්සර රෝහල්වලට ඇතුළත් කර තිබේ .

ආරක්ෂක පියරවක් ලෙස ඒ අවට නිවාස 6 ක පදිංචි පුද්ගලන් 28 දෙනෙකු සිය නිවාස වලින් ඉවත් කරවු බවද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඔවුන් සිය ඥාති නිවෙස්වල නතරවී සිටින අතර අවශ්‍ය සහන සැලසීමට පියවරගෙන තිබේ.