
(ජේ.කේ.එල්.චාමින්ද)
අම්බලන්ගොඩ මාදම්පේ පැරට් හන්දිය ප්‍රදේශයේදි පස් දරුපියෙකු වෙඩි තබා ඝාතනය කිරිම සදහා වෙඩික්කරු පැමිණි වෑන් රථය හා එහි රියදුරු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිස් විශේෂ කාර්යබළකා කඳවුර පවසයි.
මෙකි ඝාතනය සදහා වෙඩික්කරු හා වෑන් රථයේ රියදුරු පැමිණ ඇත්තේ කළුපාට වැගන්ආර් රථයකින් බව රත්ගම විශේෂ කාර්යබළකා කඳවුර පවසයි.
මෙකි වෑන් රථය කුලිපදනම මත ලබාගත් එකක් බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. වැගන් ආර් රථය තවලම ප්‍රදේශයේ දි පොලිසිය මගින් සොයාගෙන ඇත. වෑන් රථයේ රියදුරු ඌරගහ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු වෙඩික්කරුගේ ගොලයකු බව පොලිසිය පවසයි.වෑන් රථය හා රියදුරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා අම්බලන්ගොඩ පොලිසිය භාරදි ඇත. ඝාතනයට ලක්වු පස්දරුපියා ඉකුත් 22 වැනි දින මාළු මිලදිගැනිම සදහා අම්බලන්ගොඩට ගොස් යතුරුපැදියෙන් ආපසු එමින් සිටියදි වෙඩි ප්‍රහාරයට ලක්විය.
රත්ගම පොලිස් විශේෂ බලකා කදවුරේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

