( රංජිත් රාජපක්ෂ )
නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ( ඒ 7) මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව නානුඔය පොලිසිය පවසයි.
ඊයේ පැවැති අධික වර්ෂාව සමඟ මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගය සම්පුර්ණයෙන්ම පස් වලින් අවහිර වි ඇත.
කඩා වැටුණු පස් වලින් කොටසක් ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කිරිමැටිඔයටද එක් වි තිබේ .
මාර්ගයේ ගමනාගමනය නතරවීම නිසා නානුඔය තංගකැලේ, ඇල්ජින්, මෙරායා, ඌවකැලේ යන ප්‍රදේශවල ජනතාව දැඩි අසිරුතාවයට පත් වි ඇත.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම සඳහා නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයට දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කළේය.




