පස් කන්දක් කඩා වැටී යක්කලමුල්ල-ගාල්ල පාරේ ගමන් බෑ


(ඩී.ජී.සුගතපාල)

යක්කලමුල්ල හන්දියේ මහජන බැංකුව අසල පස් කන්දක් අද (16) සවස මහා මාරගයට කඩා වැටිම නිසා ගාල්ල යක්කලමුල්ල මාරගයේ වාහන ගමනා ගමනයට සම්පුරණයෙන්ම බාධා පැමිණ තිබේ.

යක්කලමුල්ල පොලිසිය පැවසුවේ ගාල්ල සිට යක්කලමුල්ල දක්වාත් යක්කලමුල්ලේ සිට ගාල්ල දක්වාත් ගමන් ගන්නා වාහන විකල්ප මර්ග ඔස්සේ ධාවනය කිරිමට පියවර ගත් බවය.

මේ අතර යක්කලමුල්ල පොලිසිය පිහිටා ඇත්තේද කඩා වැටුන පස් කන්දට යාබදව නිසා ඒ ගැන බලධාරින් සැළකිලිමත් විය යුතු බව ප්‍රෙද්ශවාසීහු පවසති.