(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී එක් අයකු මියගොස් ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපන, බැල්මොරල් වත්තේ පදිංචිව සිටි සුබ්‍රමණියම් රවිකුමාර් (43) නැමැති අයකු බව පොලීසිය කියයි.
නිවසක් තැනීමට අත්තිවාරම් කපමින් සිටියදි ඊට ඉහලින් තිබු පස් කන්දක් කඩා වැටී මෙම පුද්ගලයන් තිදෙනාම ඊට යට වී ඇති අතර පසුව ආගරපතන පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මොවුන් පස් ඉවතත් කොට බේරා ගැනීමට පියවර ගෙන ඇති මුත් ඒ වනවිටත් එක් පුද්ගලයකු මිය ගොස් තිබේ.
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ආගපතන රෝහලට ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙකු කීය.

