පලාගිය ආසාදිතයා සොයා දුන්නාට මුදල් තෑගි


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ අද (24) අලුයම් කාලයේ දී පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීම සදහා සහයෝගය ලබා දුන් කොළඹ ජාතික රෝහලේ කාර්යය මණ්ඩලයට සහ අනෙකුත් සියලු දෙනාට ඉදිරි දිනයක දී පොලිස්පතිතුමා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න  මහතා පැවසීය.

පලා ගිය රෝගියා සෙවීම සදහා කොළඹ උතුර, දකුණ සහ කොළඹ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්, යුද හමුදාව සහ විශේෂ කාර්යය බළකාය විශේෂ මෙහෙයුමක් ද සිදු කෙරිණි .