පල්ලේගම සුමන හිමිට ඇප


(කේ බුද්ධික කුමාරසිරි)

කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්‍රමණවේෂධාරීයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද  දින නියෝග කලාය.

මෙලෙස ඇප නියම වූයේ නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නමැති ශ්‍රමණවේෂධාරියකුටය.

ලද පැමිණිලි මත සාක්ෂි සටහන් කර ගැනීම සදහා නවගමුව පොලිස් ස්ථානය වෙත සැකකාර ශ්‍රමණවේෂධාරී කැදවීමෙන් පසු අත් අඩංගුවට ගත් බවත් පසුගිය කාළයේදී නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවෙස කාමරයක් තුල කාන්තාවන් දෙදෙනකු සමගින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පහර දීමක් සිදු කර තිබුනේද මෙම ශ්‍රමණවේෂධාරීයාට බවද අධිකරණයේ දී අනාවරණය විය