පල්ලෙකැලේ එළිමහන් කඳවුරෙන් රැදවියෙක් පැන ගිහින්


( ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.

දූෂණ චෝදනා මත පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ යොදවා සිටි රැඳවියෙකු එසේ පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කොට තිබේ.

කදුරුවෙල මුස්ලිම් කොළණියේ පදිංචි 25 හැවිරිදි රැඳවියකු එසේ පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලේකැලේ පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.