පලස්තීනුවාගේ හැංගිමුත්තන් ඉවරයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පවසයි.

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා අන්තවාදී සංවිධාන සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව ස්ථානාධිපතිවරයා කීය

48 හැවිරිදි සැකකරු 2016 වසරේදී මෙරටට පැමිණි පුද්ගලයෙකි .