(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.
කුරුණෑගල සිට මීරීගම දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයකි. මෙම කුඩා ලොරි රථය මාර්ගයේ පෙරලීයෑමෙන් මාර්ගය පුරා පලතුරු විසිරි තිබූ බවත් එහි ගමන් ගත් අයට අනතුරක්ව නැති බවද පොලිසිය සඳහන් කරයි .