( +++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය පෙරේදා (11) පැය 4කට ආසන්න කාලයක් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.
පාස්කු ප්‍රහාරය පහසුවෙන් වළකා ගැනීමට හැකියාව තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමට අදාළව අතිශයින් වැදගත් තොරතුරු රැසක් තමා මෙහිදී හෙළි කළ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා ලංකාදීපය කළ විමසීමකදී පැවසීය.
රහස් පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් පෙරේදා පෙරවරු 10ට පමණ තමාගේ නිවෙසට පැමිණ පස්වරු 2.30 පමණ වන තුරු ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත් බව ද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මීට අමතරව මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමට සම්බන්ධව සිදු කරගෙන ගිය පරීක්ෂණවලට අදාළව තමාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව ද ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ වකවානුවේ සිරිවර්ධන මහතා කෑගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියේය.
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූයේ තමා යටතේ පැවති පොලිස් කණ්ඩායමක් විසින් බවද එවකට බස්නාහිර ආණ්ඩුකාර ධුරය දැරූ අසාද් සාලි මහතා පොලිස් පරීක්ෂණවලට බලපෑම් කළේ ඒ අවස්ථාවේදී බව ද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය.
ඊට අදාළව සියලු තොරතුරු තමා පොලිස් කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළ බව ද ඔහු පැවැසීය.

