පරිපූරක වෘත්තීයවේදී වැඩ වැරුමට මූණ දෙන්න සූදානම්


(අංජුල මහික වීරරත්න)

පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එවැනි වැඩ වර්ජන සඳහා මුහුණ දීමට සූදානම් බව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

හැමදාම මෙය සෙල්ලමක් කරගෙන සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්නට වැඩ කරනවා නම් ඒ අයත් සමඟ සාකච්ඡා කරන්නට සූදානම් නැතැයි ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

දැන් සතියට පැය 24 පැය 48 ආදී ලෙස වර්ජන කැඳවන්න පටන් අරගෙන තියෙන බව කී අමාත්‍යවරයා එය සෙල්ලමක් නොවන බවද සඳහන් කළේය.

කරුණාකර වැඩට එන්නැයි කී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩට පැමිණි පසුව සාකච්ඡා කරන්නට සූදානම් බව ද සඳහන් කළේය.

තඹුත්තේගමදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.