පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 04ක් විවෘත කෙරේ


(ක.ග. කරුණාරත්න)

මහවැසි හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාරමට්ටම දක්වා වැඩිවීම නිසා අද(20) රාත්‍රී එහි වාන්දොරටු  10 න් 04 ක් අඩි එක බැගින් විවෘතකර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

පරාක්‍රමසමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා ප්‍රකාශ කලේ වැවේ වාන්දොරටු විවෘත කිරීමෙන් පසු එම අතිරික්ත ජලය අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට එක්වන බවයි.

පරාක්‍රම සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් මහවැසි ඇදහැලෙන හෙයින් විශාල ජල ප්‍රමාණයක් වැවට එක්වන බවත් ආරක්‍ෂක පියවරක් ලෙෂ ඇතැම්විට ඉදිරිකාලසීමාව තුළ වාන්දොරටු වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට සිදුවනු ඇතිබවද ඒ මහතා කීය.

පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු විවෘත කිරීමෙන් පසු එම ජලය මහවැලි ගඟට එක්වීම නිසා පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයෙ ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයේ  ජල මට්ටම තවදුරටත් ඉහළ යනු ඇතැයි වාරිමාර්ග නිලධාරීහු කියති.