
(යොහාන් භාසුර)
කළු සහ නිල් මුද්‍රාව සහිත පාවිච්චි නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාගෙන් ලබාගෙන අදාල සිලින්ඩර වර්ගයෙන්ම රතු මුද්‍රාව සහිත පිරවූ සින්ඩරයක් ලබාදිය යුතු බව ලිට්‍රෝ ගෑස් සමාගම සියලුම අළෙවි නියෝජිතයන්ට දැනුම්දී තිබේ.
පාරිභෝගිකයා අදාල සිලින්ඩරය බාරදෙන අවස්ථාවේදී අළෙවි නියෝජිතයා සතුව රතු මුද්‍රාව සහිත තොග නොමැතිවුවහොත් තොග ලැබුණු පසු ප්‍රමාදයකින් තොරව පාරිභෝගිකයාට ගෑස් සිලින්ඩර ලබාදිය යුතු බවත් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 කළු සහ නිල් මුද්‍රාව සහිත භාවිතා නොකළ සිලින්ඩර පාරිභෝගිකයන්ගෙන් භාරගැනීම අනිවාර්ය බවත් ලිට්‍රෝ සමාගම අළෙවි නියෝජතයන්ට දැනුම් දී තිබේ.

