(තුසිත කුමාර ද සිල්වා)
මියගොස් සිටි විසි හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් අද(15) බේරුවල ප්‍රාදේශීය සභාවේ පලාගල සතිපොළ පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයා ගත් බව පයාගල පොලිසිය පවසයි.
මෙම තරුණයා මුහුදේ දිය නෑමට ගොස් මෙලෙස මියගියේද යන්න වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ජයසූරිය ආරච්චිගේ රවීන් ෂෙරන්ජෝර්‍ර්ඩන් ජයසූරිය නැමැති විසි හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
මොහු තම භාරකරුවන්ට මිත්තණියගේ නිවසට යන බව පවසා ඉරිදා දින පස්වරුවේ නිවසින් පැමිණ ඇති බවත් පයාගල පැලපොල්වත්ත සේදියර් පියගම පදිංචිව සිටි ඇති අයෙකු බවත් පොලිසිය හඳුනාගෙන තිබේ.

