පමුණුවෙන් කොරෝනා රෝගීහු 20ක් හඳුනා ගැනෙති


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසල් දෙකකින් දින 10 ක පමණ කාලයක්  ඇතුළත කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනකු පමණ වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී  වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පවසයි.

රෙදිපිළි වෙළෙඳ සලක පුද්ගලයකුට ඉකුත් 8 වැනි දින වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයන් හතළිස් පස් දෙනකු නිරෝධයට ලක්කර පි සි ආර් පරීක්ෂණවලට භාජන කිරීමෙන් අනතුරුව එයින් 17 දෙනකු ට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍යවරිය පැවසුවාය

තවත් රෙදිපිළි අලෙවි සැලකින් ඉකුත් 18 වැනි දින ද ආසාදිතයකු වාර්තා වූ බවත් එම වෙළඳසැල් විසබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් සේවක පිරිස් යොදවා ඒවායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන් බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය

 

 ( ඡායාරූප-ඡයමාල් චන්ද්‍රසිරි )