(නිමන්ති රණසිංහ)
පන්නල පරගම්මල රක්ෂිතයේ තිබී පැති බෝම්බ (ක්ලේමෝ) තුනක් සහ බිම වළලන ලද කුඩා බෝම්බයක් (බට්ටෝ) කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නල පරගම්මල වන රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
(ඡායාරූප - දිනේෂ් උපේන්ද්‍ර)



