
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් යතුරු පැදියක් පුද්ගලයෙකුගේ ගැටී ඔහු තුවාල ලබා සිටියදී ආරක්ෂිත හිස් වැසුමෙන් පහර දුන් බව කියන පොලිස් යතුරු පැදිය පදවාගෙන ආ උප පොලිස් පරීක්ෂක වරයාගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා අරූපොළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කුලියාපිටිය පොලිස් අධිකාරීවරයා විසිනි.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරඋප පොලිස් පරික්ෂකවරයා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.තුවාල ලැබූ පදිකයා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.

