
(ප්‍රසාද් රුක්මල් )
පස්සර ආගරතැන්න දෙමළ විදුහල අසල ඉඩමක පිහිටි අඩි 50 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත මැණික් පතලකට ඇද වැටුණු පුද්ගලයකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව අද (15) අලුයම මියගිය බව පස්සර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පස්සර කෙලින් වීදියේ පදිංචි ව සිටි මෝටර් රථ කාර්මිකයකු ලෙස රැකියාව කල ඒ.එම්. තරිඳු දිල් රුක්ශ (39) නැමත්තෙකු යැයි පොලිසිය කීය .
මොහු මිතුරෙකු සමග ඊයේ (14) රාත්‍රි ආගරතැන්න දෙමළ විදුහල ආසන්නයේ ඉඩමක පිහිටි මෙම මැණික් පතල අසලට එහි සිටින සුනඛයන් ට කෑම රැගෙන ගොස් ඇති බවත් , එසේ ගොස් මැණික් පතල අසල රැදී සිටියදි එය කඩාගෙන මෙසේ මොහු අඩි 50 ක් පමණ ගැඹුරු අනාරක්ෂිත මැණික් පතලට ඇද වැටී ඇති බවත් පොලිසිය සදහන් කළේය .
පසුව අවට පිරිසගේ සහය මත මොහු පතලෙන් ඉවතට ගෙන පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇතයි පොලිසිය පැවසීය .

